Sunday, November 18, 2012
කොතනද මට වැරදුනේ????
පාට වැටුන ලස්සන ලස්සන ජීවිත දැකල..
කළුත් නැති සුදුත් නැති..
මගේ ජීවිතේ පාට කර ගන්න...
පාට පාට හීන දැක්කා මං ...
කාගෙන් කාගෙන් හරි පාට ඉල්ලගෙන පාට කරගන්න ජීවිත අගේ නෑ කියල මම දන්නා නිසා...
සේරම පාට එක තැනක තියෙන තැනක් හොය හොයා කල්පයක් තරම් කාලයක්...
අනන්තයක් තරමටම දුර...
කකුල් රිදෙනකල් ඇවිදන් ගියා..
ඇවිදලා ඇවිදලා නුඹේ ළඟ මම නැවතුනේ....
නුඹ මට පෙන්නපු රෝස පාට... දම් පාට.. ලා නිල්... හීන නිසාමත් නෙමේ....
ඒත් ...
මම හොයපු පාට සේරම එතන ඇතියි කියල මට හිතුන නිසා...
කාලයක් ගතවෙනකොට.. මට ජීවිතේ වැටහෙනකොට ...
මම දැනගත්තා... නුඹ මට පෙන්නුවේ හීනම විතරක් බව...
ඒ හීන පාට පාට උනාට බිඳුනට පස්සේ..
අයෙත් මගේ පරණ පුරුදු ජීවිතේම මට ලබෙයිනෙ කියල මං ..
මම දැක දැක හිටපු සේරම හීන වලින් අවදි උනා..
එත්...
දැන් මගේ මුළු ලෝකෙම...
කලුයි සුදුයි....
මේ පාට දෙකට වඩා... පාට නොතිබ්බ මගේ ජීවිතේ ලස්සනයි...
මම ආපහු හැරිලා බැලුව...
ක්ෂිතජයෙන් දම් පාට... ආකහෙන් සුදු පාට.. මල් වලින් නිල් පාට... කොළ වලින් කොළ පාට..
එහෙන් මෙහෙන් හැම තැනින්ම පාට පාට එකතු කරපු සේරමල්ලගෙන ජීවිත පාට පාට වැටිලා..
එකම තැනකින් පාට එකතු කරන්න ගිය මගේ ලෝකේ අද කලුයි සුදුයි විතරයි...
කොතනද මට වැරදුනේ????
Labels:
රිදුන සිත..
Location:
Kottawa, Pannipitiya, Sri Lanka
Monday, November 12, 2012
සදාතනික ඇත්ත....
ඇස් නිල් අහසට උස්සල අහස බැලුවේ හිත අනන්තයක නතර කරන්නම හිතාගෙන නෙමේ....
නිල් අහසේ රත්තරන් පාට කවලම් වෙලා හැදුන රෝස පාට වලාකුළු ඉබේටම මගේ මතකය අනන්තයකට අරන් ගියා....
හිත දුරට දුරට පියාඹල ගිහින් නතර උනේ නුඹේ ආදරණීය මතකය ළඟ....
හ්ම්ම්ම්ම්ම් ඒ මතකය හරිම ලස්සනයි නේද????
මම ආසාවෙන් මතක් කලා... ඔයා මගෙන් ආදරේ ඉල්ලපු ඒ දවස...
උඩ පැන පැන කෑ ගගහ ඉන්න වෙලාවක..
හදිස්සියේම.... ඔයා ඒ දේ මගෙන් ඇහුව.. මට මෙලෝ දෙයක් තේරුනේ නෑ ඉතින්....
මම ටියුබ් ලයිට්නේ හැමදාමත් ඔයා කියන විදිහට නම්...
ඈහ්... මොකක්ද කියන්නේ දැන් ඔයා මේ??? මගේ දඟකාර කම ඔයාට උත්තර දුන්නා...
නංගා....
මම සීරියස් කතා කරන්නේ... කියනවකො...
මොකක්ද අප්පා අහන්නේ...???? වද නොදී ඉන්නවකෝ අය්යෝ....
ඔයා මගෙන් ඒ ගැන ආයෙත් කවදාවත් ඇහුවෙත් නෑ ...
කවදාවත් මම ඔයාට කැමතියි කිව්වෙත් නෑ ...
ඒත් ...
අපි ආදරේ කලා.. ඔයාට මතකත් නැතුව ඇති...
මම උන්නේ කිරිල්ලියෙක් වගේ...
ඔයා මට නිදහසේ පියාඹන්න අහසක් උනා...
අම්මල ඒ අහස තවත් ලොකු කරලා බාදක කඩොලු අයින් කරලා දුන්නේ අපි ආදරෙන් ඉන්න බව එයාලට දැනුන නිසා වෙන්න ඇති...
කාලය හිමින් හිමින් ගෙව්නේ ජීවිතේ උස් තැන් පහත් තැන් මට අපූරුවට අවබෝධ කරන ගමන්...
ඒ එදා...
අද....
මේ ලස්සන ඉර බැහැල ගිහින් හෙට එළිවෙන ජාමේ මම ආසාවෙන් එක එක ස්ටයිල් දාපු මගේ කොන්ඩේ වෙනුවට මුඩු හිසක් මට උරුම වේවි...
දිගට කොටට රැලි රැලි... අන්දපු ස්කර්ට් ...
පාට පාට ඩෙනිම් වෙනුවට තනි කහ පාට ඇඳුමක් ....
මම මෙහෙම වෙනස් උනේ කොහොමද ඇත්තටම????
චුටි දෝණි ... ඔයාට මේ ජීවිතේ හුරු වෙන්න බෑ මගේ පුතේ... ඕක හිතෙන් අයින් කරන්න...
අම්මා කොච්චරවත්නම් මට කියන්න ඇත්ද????
එත් නුඹේ වියෝවෙන් දුක් වින්ද මගේ හිතට බුදු පාමුල ඇරෙන්න වෙන සරණක් නෑ ....
තත්පර ගෙවෙන්න ඇති....
මිනිත්තු ගෙවෙන්න ඇති....
පැය ගෙවෙන්න ඇති....
නොදැනීම පාන්දරත් වෙන්න ඇති...
කොහොමත් නුඹේ මතකයන් එක්ක මට වෙලාව යනවා දැනෙන්නේ නෑ කවදත්....
දෝණි ... යමුද????
හොඳට හිතල බලන්න... නවතිනවානම් තවමත් වෙලාව තියෙනවා....
නෑ මෑණියෝ...
යමු...
නවතින්න තමා මමත් මේ ගමන යන්නේ...
සුදු වැලි පොලව දිගේ හිමිහිට පා තියල ඇවිදන් යනකොට ආයෙත් හිත ඈතට දිව්වා...
ම්ම්ම්... මොකෝ මේ... ???
ඇයි???
මහණ වෙන්නද ඉන්නේ...
අපෝ නෑ ...
ඔයාව බැඳලා පව්ල් වෙන්න තමයි ඉන්නේ???
නඟා... කට වැඩියි හොඳේ....
ඒ මගේ හීනේ...
එදා මට හීනෙන්වත් හිතුනේ නෑ ඒ හීනේ දකින අන්තිම දවස එදා කියල...
ඔව් අයියේ...
අඩුම මාව දාලා යන්නම යන්න නොයා වෙන කෙනෙක්ගේ වෙලා හරි මේ ලෝකේ උන්නනම්...
මම දුක් වෙන්නේ නෑ ...
ඔයා අපි සේරමව දාල ගියේ මොකද කියල හිතා ගන්න බෑ මටනම්....
ඔයා ගියා...
ඒත් .. මට සදාතනික ඇත්ත ඔප්පු කරලා යන්න ගියා....
අත්ථි ඉමස්මිං කායේ.. කේසා.. ලෝමා.. නඛා.. දන්තා.. තචෝ... මංසං.. නහරු.. අට්ඨි..
මේ ඇහෙන්නේ සත්‍යයේ හඬ...
අපි නොපිලි ගන්න ඇත්ත....
කෙස් රොද රොද ඔඩොක්කුවට වැටෙද්දී හිත සැහැල්ලු උනා...
ඔයාව මතකයෙන් ඈත් කරලා...
හිත නිවාගන්න කාලේ හරි...
ටිකකට කලින් උඩරට මනමාලියක් විදියට ලස්සනට හිටපු මගේ රූපය වෙනස් වෙද්දී බලන් ඉන්න බැරි උන අම්ම... එතනින් යනවා මම බලන් උන්නේ කඳුළු පුරෝගෙන...
අම්මේ මම අදින් පස්සේ නිදහස්...
මේක තමයි ඇත්ත....
ලෝ පවතින දහම...
ඔයාට පින් අයියේ..
ඔයා මට ඔප්පු කරලා ගිය ඇත්ත...
අපි එතෙර වෙමු...
මම පටන් ගන්නම් ඔයත් එන්න...
හිත සැහැල්ලුවෙන් මම කසාවතට හුරු උනා...
ඉදම්මේ ඥාති ඉමං හෝතු ...
හිත පුරාවටම ඔයාට පින් දීල... මම හිතෙන් ඔයාව අයින් කලා ...
අදින් පස්සේ මම....
සුමනා සිල් මෑණියෝ....
ජීවිතේ පුදුමයි නේද????
සංසාරේ ආයෙත් අපි මුණ ගැහෙයි...
එදාට අපි දෙනන් මේ ගමන එකතු වෙලා එකටම යමු...
අපි ගිවිස ගමු....
ඔයා එනවා නේද????
මම දන්නවා මේ තරම් කාලයක් මුකුත්ම නොකියම බෑ නොකියම... හෙමීට මගේ පා සලකුණු දිගේ ආපු ඔයා...
හැමදාටම මේ සසරින් එතෙර වෙනකල් මාත් එක්කම ඒවි....
මට විශ්වාසයි....

Thursday, November 1, 2012
පාළුව.. තනිකම...
ජීවිතේ හිස් බවින් පිරී ඉතිරිලා දැන්...
තනිකමයි.. පාළුවයි...ලෝකයම වෙලා දැන්...
මේ තනිය දුරලන්න...
පාලුවට ළඟ ඉන්න...
පුංචි තරු සලකුණක්...
සිත්තමට නගන්නම්...
මගේ පුංචි තරු කැකුළ..
අමාවක කාලයට...
අත නොහැර සිත් අහස...
සදහටම රැඳෙනවාද???
එසේ නුඹ රැඳෙයි නම්..
කල්පයක් සුවහසක්...
වලා පට වී මමත්...
වෙලී ළඟ රැඳෙන්නම්...
Monday, October 29, 2012
තිර කලෙද අතිර බව...
කළා සොලොසක් පිරුණු...
පින් බර වූ පුරා සඳ...
රන් රැසින් නෑවෙමින්...
නැගී දිලෙනා රැයක...
මාර සෙන් පරදවා...
බිඳ දමා සසර දුක...
ලෝ සතට දයාවෙන්...
තිර කලෙද අතිර බව...
Labels:
බුදු පාමුල පිදෙන කුසුම්...
Location:
Pannipitiya, Sri Lanka
Sunday, October 28, 2012
මගේ අයිතිය...
නුඹ ගැනම හිත හිත...
නුඹටම කැපව...
රැයක් දවාලක් නැතිව...
පෙම් කල නුඹට...
අහිමි බව දැන දැනම..
හිමිකම් කීවද නුඹේ වෙදැගිල්ල..
ඇගේ රන් මුදුවට...
ඔබේ ස්පේශය ඇගේ උවද...
නුඹේ සිත මගේ නේද???
නුඹේ දෑසේ කාන්තිය මගේ නේද???
නුඹ ඇගේ බව දැන දැනත්...
නුඹ අහිමි වග දැනදැනත්...
නුඹට පෙම් කල මට...
නුඹේ දෙපා අහිමි වීම හේතුවක්ද දුරස් බවට?????
ඔය සිරුර හැමදාමත් මගේ නොවෙයි නේ...
මට හිමි නුඹේ හිත..
නුඹේ ආදරයම විතරයි නේ...
Saturday, October 13, 2012
මගේ ආදරේ....
හබරල පතක පිණි බිංදු නොරැන්දෙනා සේම...
මම කොයි තරම් පෙම් කලත් නුඹට...
මටත් නොකියම...
නුඹටත් නොදැනීම...
මගේ ආදරේ ගිලිහී ගිහින් බිම වැටිලා...
හොර රහසේම..
Thursday, October 11, 2012
මම ආයේ නොඑන වග නුඹ වටහා ගත්තදෙන්...
දම් පාට පුංචි මල්...
මග බලා සිටිද්දෙන්...
මග බලා සිටිද්දෙන්...
රෝස පැහැ රෙබරෝස්..
මිලින වී ගියාදෙන්...
කහ පාට මල් මැරී..
පොලව සිප ගත්තදෙන්...
මැයි මලුත් අවාරේ..
පර වෙලා ගියා දෙන්..
මල් පාර ඉකි ගසා... පාළුවට ගියාදෙන්...
සුදු පාට සමනල්ලු කළු වෙලා ගියාදෙන්...
දහවලේ දැල්වෙනා වීදි කොන පහන් කණු...
රාත්‍රී මැදියමේ නොදල්වී තිබෙද්දෙන්...
මා අතර ගිය නුඹේ නෙතු කඳුළු නැගෙද්දෙන්...
වියැලිලා ගිය පඳුරු යට සුසුම් හෙලෙද්දෙන්...
ජීවිතේ හැමදාම මග බලා හිඳිද්දෙන්...
මම ආයේ නොඑන වග නුඹ වටහා ගත්තදෙන්...
සමාවෙන්න මට පොස්ට් එක එඩිට් කරන්න උනා...
මේක පබ්ලිෂ් කරන්න නෙමේ හිටියේ සේව් කරන්න ගිහින් හදිස්සියේ පබ්ලිෂ් උනා...
මේක ලියන්න හේතුව ලියන්න උනේ නෑ.. ඒ නිසා එඩිට් කරලා ලියන්න උනා...
මේක ලියන්නේ ගැහැණු ළමයෙක්....
එයාව ඇත ඇරලා ගිය පිරිමි ළමයට...
මේ කවිය ඇතුලේ පලිගැනීම තියෙනවා කියල සමහරවිට මට දෝෂාරෝපණ එන්නත් පුළුවන්...
එත්....
මේක මේ ගැහැණු ළමයා විසින් තමන්ගේ හිත හදාගන්න තමන්ටම කියන කවියක්....

ඒකයි එයා කියන්නේ ඔයාටත් කඳුළු එන්න.. සුසුම් විඳින්න වෙන්න කියලා...
අන්තිමට ගැහැණු ළමය කියන්නේ...
මම අයෙත් එන්නේ නෑ... ඒක තේරුම් ගන්න කියල...
එහෙම කියන්න පසුබිම හදාගන්න උඩින් තියෙන සේරම දේවල් වෙන්න කියල කියනවා මිසක් එයට ඕනේ නෑ පිරිමි ළමයට සාප කරන්න..
ගැහැණු ළමයි බහුතරයක් එහෙමමයි....
එහෙම නේද????

මගේ කවිකම්..,
රිදුන සිත..
Location:
Kottawa, Pannipitiya, Sri Lanka
අහංකාර ගැහැණු සිත...
නුඹ හදවතට එන්නේ.. මද පවනක් වගේ...
එත්.. මම නුඹට සැඩ සුළඟක් වගේ...
නුඹ මම දිහා බලන්නේ ආදරේ පුරෝගෙන...
එත්.. මම නුඹට රවන්නේ.. නපුරුකම් මවාගෙන..
නුඹ මට හිනැහෙන්නේ ඇත්තටම ආදරේට...
මං නුඹට හිනැහෙන්නේ.. ඔච්චමට විහිලුවට...
මට සමාවෙයන් ආදරණීය හදවත...
නුඹ ප්‍රේමනීය උනත් අපමණව..
දයාවෙන් පිරුණා උනත් අසීමිතව...
මං අහංකාරයි අනන්තව...
ඔව්...
මං තමයි මෙල්ල නොවන අහංකාර ගැහැණු සිත...
Labels:
මගේ කවිකම්..
Location:
High Level Rd, Pannipitiya, Sri Lanka
Saturday, September 29, 2012
මගේ ආදරණීය බිනර සඳ..
27 වෙනිදා රෑ 7 ට විතර මම මගේ බිනරිට ලියුමක් ලිව්වා..
ඊයේ හවස මම රාත්‍රී වැඩ මුරයට යනකොට චේන්ජින් රූම් එකේ පොඩි නැපි කට්ටකින් මගේ බෑග් එකට අමුණලා මගේ පිළිතුරු ලිපිය මට ලැබුනා..
මෙන්න මෙහෙම එකේ ලියවිලා තිබ්බා...
මගේ ආදරණීය බිනර සඳ..
කළුවරට පෙම් බඳින..
සඳ රෑන හුදකලාවී පිපෙන..
සුපෙම්වත් බිනර මල..
නොනිදාම රැය පහන් කරන්නීය..
අගේ තනි නොතනියට..
තරුත් නෑ දිලිසෙමින්..
අහස්කුස ගිනි නිවී..
සඳත් නෑ කළු ගැසී..
බිනර සඳ ඔබ එන්න..
නුදුරු දින හමුවන්න..
නුඹ නැතිව පාළු බව..
මේ හිතට නොදැනෙන්න..
මේ.. ආදරණීය බිනර මලී..
ඔව් බිනර මලී මටත් ඔය නැතුව මේ වගේම පාලුයි...
තවත් සතියක් තියෙනවා අපි හමුවන්න..
එත් උදේට උදේට විනාඩි 5 ක් මූණ බලල කතා කරලා හිනා වෙන්න ලැබෙන එකත් වාසනාවක් නොදැකම ඉන්නවට වඩා..
ලබන සතියෙන් පස්සේ වෙනදා වගේම මුළු දවසම හිනා වෙවී ඉමු නේද???
ආදරෙන්.. මගේ සුදු නංගියා...
බුදුසරණයි.. බිනරි...
අම්මයි තාත්තයි තරමටම නැති උනත් ඒට ටිකාක් අඩුවෙන්න තරමටම මම ආදරෙයි මගේ පොඩි මිතුරි ඔයාට...

මගේ බිනරී
Location:
High Level Rd, Pannipitiya, Sri Lanka
Sunday, September 2, 2012
මගේ ආදරණීය දෙවැනි අප්පච්චි...
වැඩි විස්තර අටුවා ටීක නැතුව කතාව ලියන්න බලන්නම්කෝ....
මම ඉස්සර ඉඳන්ම ගණන් වලට ආසයි එත්.. මම 8 වසරට ගිහින් දෙවැනි වරේ විභාගෙට මට ගණන් වලට ලකුණු 24ක් උනාට පස්සේ මට තේරුණා මට කෙල වේගෙන එනවා කියල..
හෙමීට අම්මට කිට්ටු කරලා වචනේ දැම්ම..
ඒ මොකෝ...? අම්ම ඇහුවේ ඇස් දෙක උඩ තියන් .. කවදාවත් පන්ති යන්නේ නැතුව හිටපු මම එහෙම ඇහුවම අම්ම වැඩේ ගැන දැනගත්ත...
කොහොමින් කොහොම හරි අපේ ගෙවල් වලට උඩ ගෙදරක අක්ක කෙනෙක් කිව්වා... සිද්ධමුල්ල පැත්තේ ගණන් සර් කෙනෙක් ඉන්නවා සුදු අම්මේ.. ගිහින් බලන්න එහෙනම් කියල...
(මම හිතන්නේ ඒ මගේ ඉෂ්ට දේවතාවී තම අක්ක වගේ පෙනී ඉන්න ඇත්තේ...:
මම පන්තියට ගිය මුල්ම දවසේ කොටම කොට කෙට්ටුම කෙට්ටු වයස සර් කෙනෙක් හිටියේ පන්තියේ.. එදා උන්නෙත් මම විතරයි...
"අපෝ... අම්මේ එකටනම් යන්න බෑ ඔන්න මටනම්.. " සර්ව දැක්ක ගමන් මම අම්මට කිව්වා..
අම්ම මට ඔරවල එහෙම කාරිය.. " සර් මේ මගේ දුව.. මට මෙයාව පන්තියට දාගන්න පුළුවන් වෙයිද " ඇහුව..
කන්නාඩිය උඩින් බලල සර් මගේ නම ඇහුව..
මි*#.. මම හෙමීට කිව්වා..
"ඇයි මේ පංති එවන්නේ දරුවාව.. ඒ තරමටම දුර්වලද???" සර් ඇහුවා..
අම්ම මගේ මූණ බැලුවා..
සර් මාව "එන්න දරුවෝ.." කියල හෙමීට ලඟට අරන් මගෙන් ඇහුව " ගණන් අමාරුද පුතේ " කියල...
මම ඔලුව වැනුවා විතරයි...
" ම්ම්ම්ම් පස්සේ බලමුකෝ.. හවසට.. " සර් එහෙම කිව්වා..
" හා.. මිලියනෙකට බින්දු කීයද??? " හෑ... දීපන්කො උත්තර... මේ.. මේ.. මට මිලියනෙයි බිලියනෙයි ට්‍රිලියනෙයි සේරම ටැපලිලා..
" දන්නේ නෑ.. " මම මගේ අවංක කම ඉස්සරහට දැම්ම..
එදායින් පටන් ගත්ත මගේ ගණන් පන්තිය.. ජීවිතේ නොමැකෙන තැනක් .. රන් අකුරින් සනිටුහන් උන තැනක් උනා...
ආආආහ් කියන්න අමතක උනා...
හවස අම්ම ආවා.. " සර් සල්ලි... "
" ආහ්..100යි.. "
ඈ.. 100යි.. අම්ම හොල්මන්.. මම ඊටත් ටිකක් උඩින්.. යකෝ මගේ පන්තියේ අනිත් උන් පන්ති වලට 1000ක් ගෙවනවා.. මෙතන 100යි ලු..
ජීවිතේ වැඩියෙන්ම හිනා උනේ..
කෑ ගැහුවේ.. හූ තිබ්බේ.. සින්දු කිව්වේ.. ගුටි කෑවේ.. බැනුම් ඇහුවේ.. රැග් උනේ.. බයිට් උනේ.. වගේම..
ජීවිතේ වින්දෙත් එතනදීම තමා..
අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් උන්න ටික දවසක් යනකොට.. උන් නම් කොහෙන් කොහෙන් එකතු උනාද දන්නේ නෑ...
මට හරි පුදුම ඉස්කෝලේ කතාව කියවද්දී මතක් වෙන්නෙම මගේ ගණන් පන්තිය..
මට හිතෙන්නෙම මම ටෝට්ටෝ චන්.. මගේ සර් තමා එකේ හිටිය ගුරුතුමා කියල..
අපොයි ඒ කාලේ අපිට ලැබුන රැග් නම් කියලා වැඩක් නෑ..
ගානක් හද ගන්න බැරි උනොත් බෝර්ඩ් එකට ගන්නවා..
" හා.. එන්න බලන්න බෝර්ඩ් එකට.. මොකෝ ඔය ගාණ ඔච්චරටම අමාරු කියල බලන්න.. "
හෑ... ලෝක විනාසේ තමා...
ඇස් දෙක පියාගෙන වගේ ගාණ හදන්න ගත්තා..
යකෝ මේක මැජික් බෝර්ඩ් එකක්ද.. මට හදාගන්න බැරි උන ගාණ මෙන්න මමම හදලා..
" ආහ්.. ඔය හැදුවේ අගේට.. පුතාට බෝර්ඩ් එකේ ලියන්න ආසාවටද ගාණ බෑ කිව්වේ??? "
වස නෝන්ඩියයි.. ඈ බන් උඹට බෝර්ඩ් එකේ ලියන්න ඕනේ කිව්වනම් පන්තියට ඇවිත් කෑ ගගහ උන්න වෙලේ අපි චෑන්ස් එකක් අරන් දෙනවනේ..
පිටිපස්සෙන් චිට් එනවා පෝලිමේ.. මඩ ගහල..
ටිකෙන් ටික සර් මට ගොඩක් ලෙන්ගතු උනා.. සර්ට උන්නේ එක දුවයි.. ඒ අක්ක උන්නේ වාසිටියේ..
සර් අක්කට කතා කලේ ලොකු දූ කියලා..
කාලයත් එක්කම මම සර්ගේ පොඩ්ඩි උනා..
මගේ කෑ ගැහිල්ලටයි.. දාන්ගලේටයි මගේ සර් මට ආදරේ උනා.. ඇත්තටම මම ළමයෙක් වගේ ඉන්න ඕනේ කලේ උන්නේ ළමයෙක් වගේ..
( දැන් නම් තරුණයි.. එත්.. තාමත් බබා වගේ තමයි... හික්ස්... )
හෙමීට දවස් ගෙවුනා.. 8... 9... 10... 11...
සර්ගේ පන්තියේ බලාපොරොත්තුව උනේ මම..
" මගේ A එක.." සර් නිතරම මට එහෙම කිව්වා..
මමත් උන්නේ සර්ට පොරොන්දු වෙලා.. A එකක් දෙන්න..
දෙසැම්බරේ පටන් ගන්න කලින් නොවැම්බරේ අග වගේ.. මමයි යාළුවොයි ගිහින් සර්ට වැඳලා එතනින් සමුගත්තා..
ජීවිතේ පලවෙනි පාරට වියෝ වීම වේදනාකාරී බව මට ඔප්පු උනේ එතන..
එපා වෙනකල් ඇඩුවා.. අපි සේරම යාළුවො...
සර්ගේ ඇස් වල කඳුළු.. සර් කඳුළු හංගගෙන හිනා වෙනවා.. මිසුයි.. අක්කයිත් දුකින්.. " පොඩ්ඩිගේ කෑ ගැහිල්ල නැතුව පන්තිය පාලු වෙයි.. " මිස්ට ඒ වචන ටික කිය වෙනවත් එක්කම ඉකි ගැහුනා..
කොහෙන් ආපු සම්බන්ද කමක්ද මේක????
කොහෙන් ආවත් අම්මෙකුයි අප්පච්චි කෙනෙකුයි වගේ උන්නේ ඒ දෙන්න අපිට..
කොහොම හරි විභාගේ දවසේ උදේ මට කවදාවත් තිබ්බේ නැති අන් දෙක මෝදු උනා කියපන්කො..
මම විභාග ශාලාවේ උන්නේ වැඩ බැරි ළමයෙක් ළඟ..
ඔන්න මම වෙඬරු පිඩක් වෙලා.. අර ළමයට ලොග් පොත පිටි පස්සේ ගණන් 3ක්ම ලියල දුන්නා හදන විදියත් එක්කම..
ඉතින් ඒ පින් බෙලෙන්.. මගේ වාසනාව උපරිමේටම ගිහින් ගණන් 8න් 5ක් හදනකොට බැල් එක ගහල පේපර් එකතු කළා..
මම ශාලාවෙන් එලියට අවේ ඊරියෙක් වගේ අඬාගෙන..
කෙලින්ම සර්ගේ ගෙදර ගිහින් පෙරලි පෙරලි ඇඩුවා..
" මට විභාගේ ෂුවර් නෑ සර්.. " සර්ගේ ඇහේ කඳුළු.. " මගේ තිබ්බ එකම බලාපොරොත්තුව ඔයා පුතේ..
මට ඕනේ උනේ ඔයාව උසස් පෙලට ගණන් වලින් යවන්න.. "
මම බිම බලාගත්ත.. අනේ මගේ පොරොන්දුව..
රිසාල්ට් ආවා.. ඉස්කෝලේ ගියේ ආවට ගියාවට..
ශීට් එක ගත්තගමන් ගණන් ළඟ ඇස් නතර උනා..
B එකක්.. අනේ දෙවියනේ... අදහන්නත් බෑ.. හුරේ... සර්.. මට B එකක් තියෙනවා...
හා දැන් ඉතින් උසස් පෙලට හිටගනින්කෝ...
මම බයෝ කළා දෙපාරක්.. පලවෙනි පාර ෆිසික්ස් වලට වව්ලෙක් තමා ගත්තේ.. හේතුව... ( අහේතුව තමා ඉතින්... පාඩම් කලේ නෑ.. පරණ යාළුවො නැති වෙලා උනන්දුවෙන් වැඩ කරපු අය වෙනුවට ක්ලාස් කට් කරන අය එක්ක සෙට් උන එකේ අහේතුව තමා ඒ පඩිසන් දුන්නේ..) කොහොම හරි දෙවැනි පාර අති සාර්ථක ලෙස ගොඩ..
එකත් ගොඩ ගියේ සර් නිසා.. සර් බැණ බැණ මට කියල දුන්න දන්නේ නැති ඒවා.. බැන්නේ යාළුවො අත් අරින්න කියලා.. සර් නිසාම මම උසස් පෙළත් ගොඩ ගියා..
කැම්පස් නම් ගියේ නෑ..
කැම්පස් නර්සින් වලට ඉසෙඩ් මදි උනා..
මම නර්සින් ගැසට් කරනකල් බලන් හිටියා..
ටීචින් දැම්ම..
මුකුත් නෑ සද්දයක්..
සර් මට බැන්න අප්‍රමාණව.. මම පණ්ඩිතකමට බයෝ කලා කියලා..
මම ප්‍රයිවට් හොස්පිටල් එකක නර්සින් ගියේ ඒ ගැන තිබ්බ උණ නිසා..
කොහොමහරි 2009 මැයි 4.. ජීවිතේ මම අහපු කාලකන්නිම නිව්ස් එක මගේ කනට වැටුනා..
උන් හිටි තැන අමතක උනා මට..
මගේ පන්තියේ කොල්ලෙක් කතා කරලා මහා රෑ 11 ට විතර අඬ අඬ කිව්වා..
ජීවිතේ නැවතුනා වගේ උනා..
හුස්ම උඩට ගත්ත එක පහලට වැටෙන්නතුව ගියා..
අප්පච්චි...
අනේ..
................................................................
මම ගොඩාක් අවාසනාවන්තයි....
පහුවදා මම වැඩට ගියේ හවස සර් බලන්න යන්න හිතන්..
එත් ගෙදර එනකොට මගේ එෆෙයාර් ගෙදරට ආරංචි වෙලා..
ගෙදර ගිනි අරන්..
මම බලන් හිටියා තාත්තා අවේ රෑ වෙලා..
සේරම වෙලා ඉවර උනාට පස්සේ..
මට මගේ අප්පච්චිගේ කකුල් දෙක අල්ලලා අන්තිම පාරට වඳින්න වාසනාව නැති උනා.
මම පහුවදාම සර්ලගෙ ගෙදර ගියා..
මිස් දුවන් ඇවිත් මගේ ඉස්සරහ ඇදගෙන වැටුනා..
" මට සමාවෙන්න මිස්.. "
................................................................
අනේ අප්පච්චි අදටත් මට මගේ හිත වද දෙනවා..
මගේ අප්පච්චිගේ අන්තිම ගමනට යන්න උනේ නැත්තේ මගේ ආදරය නිසා.. මට ඒක නැති උන ඒක ගැන දුකක් නෑ.. එත්.. මට මගේ අප්පච්චිගේ කකුල් අල්ලලා වඳින්න බැරි උන ඒක ගැන දුකයි..
මම දැන් නර්ස් කෙනෙක් සර්...
සමාවෙන්න.. සිසු හෙදියක් මම...
මම මගේ ඉලක්කෙට ගියා සර්...
සර් උන්නනම් අප්පච්චි තරමටම සතුටු වේවි..
මට විශ්වාසයි ඒක..
මම ඉස්සර ඉඳන්ම ගණන් වලට ආසයි එත්.. මම 8 වසරට ගිහින් දෙවැනි වරේ විභාගෙට මට ගණන් වලට ලකුණු 24ක් උනාට පස්සේ මට තේරුණා මට කෙල වේගෙන එනවා කියල..
හෙමීට අම්මට කිට්ටු කරලා වචනේ දැම්ම..
"අම්මේ.. ගණන් පන්තියකට ගියානම් හොඳයි වගේ.. "
( මේ වෙනකොට අම්ම මගේ රිපෝර්ට් එක දැකල තිබ්බේ නෑ.. මම පෙන්නුවෙත් නෑ ඉතින්.... :) )ඒ මොකෝ...? අම්ම ඇහුවේ ඇස් දෙක උඩ තියන් .. කවදාවත් පන්ති යන්නේ නැතුව හිටපු මම එහෙම ඇහුවම අම්ම වැඩේ ගැන දැනගත්ත...
කොහොමින් කොහොම හරි අපේ ගෙවල් වලට උඩ ගෙදරක අක්ක කෙනෙක් කිව්වා... සිද්ධමුල්ල පැත්තේ ගණන් සර් කෙනෙක් ඉන්නවා සුදු අම්මේ.. ගිහින් බලන්න එහෙනම් කියල...
(මම හිතන්නේ ඒ මගේ ඉෂ්ට දේවතාවී තම අක්ක වගේ පෙනී ඉන්න ඇත්තේ...:
මම පන්තියට ගිය මුල්ම දවසේ කොටම කොට කෙට්ටුම කෙට්ටු වයස සර් කෙනෙක් හිටියේ පන්තියේ.. එදා උන්නෙත් මම විතරයි...
"අපෝ... අම්මේ එකටනම් යන්න බෑ ඔන්න මටනම්.. " සර්ව දැක්ක ගමන් මම අම්මට කිව්වා..
අම්ම මට ඔරවල එහෙම කාරිය.. " සර් මේ මගේ දුව.. මට මෙයාව පන්තියට දාගන්න පුළුවන් වෙයිද " ඇහුව..
කන්නාඩිය උඩින් බලල සර් මගේ නම ඇහුව..
මි*#.. මම හෙමීට කිව්වා..
"ඇයි මේ පංති එවන්නේ දරුවාව.. ඒ තරමටම දුර්වලද???" සර් ඇහුවා..
අම්ම මගේ මූණ බැලුවා..
සර් මාව "එන්න දරුවෝ.." කියල හෙමීට ලඟට අරන් මගෙන් ඇහුව " ගණන් අමාරුද පුතේ " කියල...
මම ඔලුව වැනුවා විතරයි...
" හා.. අම්මා ගිහින් හවස 6.30 ට - 7 ට වගේ එන්නකෝ..."
සර් පන්තියට සල්ලි..??? අම්මා ඇහුවේ හිමින්.." ම්ම්ම්ම් පස්සේ බලමුකෝ.. හවසට.. " සර් එහෙම කිව්වා..
" හා.. මිලියනෙකට බින්දු කීයද??? " හෑ... දීපන්කො උත්තර... මේ.. මේ.. මට මිලියනෙයි බිලියනෙයි ට්‍රිලියනෙයි සේරම ටැපලිලා..
" දන්නේ නෑ.. " මම මගේ අවංක කම ඉස්සරහට දැම්ම..
එදායින් පටන් ගත්ත මගේ ගණන් පන්තිය.. ජීවිතේ නොමැකෙන තැනක් .. රන් අකුරින් සනිටුහන් උන තැනක් උනා...
ආආආහ් කියන්න අමතක උනා...
හවස අම්ම ආවා.. " සර් සල්ලි... "
" ආහ්..100යි.. "
ඈ.. 100යි.. අම්ම හොල්මන්.. මම ඊටත් ටිකක් උඩින්.. යකෝ මගේ පන්තියේ අනිත් උන් පන්ති වලට 1000ක් ගෙවනවා.. මෙතන 100යි ලු..
ජීවිතේ වැඩියෙන්ම හිනා උනේ..
කෑ ගැහුවේ.. හූ තිබ්බේ.. සින්දු කිව්වේ.. ගුටි කෑවේ.. බැනුම් ඇහුවේ.. රැග් උනේ.. බයිට් උනේ.. වගේම..
ජීවිතේ වින්දෙත් එතනදීම තමා..
අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් උන්න ටික දවසක් යනකොට.. උන් නම් කොහෙන් කොහෙන් එකතු උනාද දන්නේ නෑ...
මට හරි පුදුම ඉස්කෝලේ කතාව කියවද්දී මතක් වෙන්නෙම මගේ ගණන් පන්තිය..
මට හිතෙන්නෙම මම ටෝට්ටෝ චන්.. මගේ සර් තමා එකේ හිටිය ගුරුතුමා කියල..
අපොයි ඒ කාලේ අපිට ලැබුන රැග් නම් කියලා වැඩක් නෑ..
ගානක් හද ගන්න බැරි උනොත් බෝර්ඩ් එකට ගන්නවා..
" හා.. එන්න බලන්න බෝර්ඩ් එකට.. මොකෝ ඔය ගාණ ඔච්චරටම අමාරු කියල බලන්න.. "
හෑ... ලෝක විනාසේ තමා...
ඇස් දෙක පියාගෙන වගේ ගාණ හදන්න ගත්තා..
යකෝ මේක මැජික් බෝර්ඩ් එකක්ද.. මට හදාගන්න බැරි උන ගාණ මෙන්න මමම හදලා..
" ආහ්.. ඔය හැදුවේ අගේට.. පුතාට බෝර්ඩ් එකේ ලියන්න ආසාවටද ගාණ බෑ කිව්වේ??? "
වස නෝන්ඩියයි.. ඈ බන් උඹට බෝර්ඩ් එකේ ලියන්න ඕනේ කිව්වනම් පන්තියට ඇවිත් කෑ ගගහ උන්න වෙලේ අපි චෑන්ස් එකක් අරන් දෙනවනේ..
පිටිපස්සෙන් චිට් එනවා පෝලිමේ.. මඩ ගහල..
ටිකෙන් ටික සර් මට ගොඩක් ලෙන්ගතු උනා.. සර්ට උන්නේ එක දුවයි.. ඒ අක්ක උන්නේ වාසිටියේ..
සර් අක්කට කතා කලේ ලොකු දූ කියලා..
කාලයත් එක්කම මම සර්ගේ පොඩ්ඩි උනා..
මගේ කෑ ගැහිල්ලටයි.. දාන්ගලේටයි මගේ සර් මට ආදරේ උනා.. ඇත්තටම මම ළමයෙක් වගේ ඉන්න ඕනේ කලේ උන්නේ ළමයෙක් වගේ..
( දැන් නම් තරුණයි.. එත්.. තාමත් බබා වගේ තමයි... හික්ස්... )
හෙමීට දවස් ගෙවුනා.. 8... 9... 10... 11...
සර්ගේ පන්තියේ බලාපොරොත්තුව උනේ මම..
" මගේ A එක.." සර් නිතරම මට එහෙම කිව්වා..
මමත් උන්නේ සර්ට පොරොන්දු වෙලා.. A එකක් දෙන්න..
දෙසැම්බරේ පටන් ගන්න කලින් නොවැම්බරේ අග වගේ.. මමයි යාළුවොයි ගිහින් සර්ට වැඳලා එතනින් සමුගත්තා..
ජීවිතේ පලවෙනි පාරට වියෝ වීම වේදනාකාරී බව මට ඔප්පු උනේ එතන..
එපා වෙනකල් ඇඩුවා.. අපි සේරම යාළුවො...
සර්ගේ ඇස් වල කඳුළු.. සර් කඳුළු හංගගෙන හිනා වෙනවා.. මිසුයි.. අක්කයිත් දුකින්.. " පොඩ්ඩිගේ කෑ ගැහිල්ල නැතුව පන්තිය පාලු වෙයි.. " මිස්ට ඒ වචන ටික කිය වෙනවත් එක්කම ඉකි ගැහුනා..
කොහෙන් ආපු සම්බන්ද කමක්ද මේක????
කොහෙන් ආවත් අම්මෙකුයි අප්පච්චි කෙනෙකුයි වගේ උන්නේ ඒ දෙන්න අපිට..
කොහොම හරි විභාගේ දවසේ උදේ මට කවදාවත් තිබ්බේ නැති අන් දෙක මෝදු උනා කියපන්කො..
මම විභාග ශාලාවේ උන්නේ වැඩ බැරි ළමයෙක් ළඟ..
ඔන්න මම වෙඬරු පිඩක් වෙලා.. අර ළමයට ලොග් පොත පිටි පස්සේ ගණන් 3ක්ම ලියල දුන්නා හදන විදියත් එක්කම..
ඉතින් ඒ පින් බෙලෙන්.. මගේ වාසනාව උපරිමේටම ගිහින් ගණන් 8න් 5ක් හදනකොට බැල් එක ගහල පේපර් එකතු කළා..
මම ශාලාවෙන් එලියට අවේ ඊරියෙක් වගේ අඬාගෙන..
කෙලින්ම සර්ගේ ගෙදර ගිහින් පෙරලි පෙරලි ඇඩුවා..
" මට විභාගේ ෂුවර් නෑ සර්.. " සර්ගේ ඇහේ කඳුළු.. " මගේ තිබ්බ එකම බලාපොරොත්තුව ඔයා පුතේ..
මට ඕනේ උනේ ඔයාව උසස් පෙලට ගණන් වලින් යවන්න.. "
මම බිම බලාගත්ත.. අනේ මගේ පොරොන්දුව..
රිසාල්ට් ආවා.. ඉස්කෝලේ ගියේ ආවට ගියාවට..
ශීට් එක ගත්තගමන් ගණන් ළඟ ඇස් නතර උනා..
B එකක්.. අනේ දෙවියනේ... අදහන්නත් බෑ.. හුරේ... සර්.. මට B එකක් තියෙනවා...
" ඔහ්හ් ඒ කියන්නේ ඔයා හදපු සේරම ගණන් ටික වරද්දන්නෙ නැතුවම හදලා.. නැත්තම් ඔය රිසාල්ට් එක එන්න විදියක් නෑ...
මම දැනන් හිටියා දරුවෝ ඔයා මගේ එකම බලපොරොත්තුවනේ.. සර් එහෙම කියල හිනා උනා.. "හා දැන් ඉතින් උසස් පෙලට හිටගනින්කෝ...
" සර් මම බයෝ කරනවා.. "
" ඒ මොකෝ ආසම ගණන් නේ.. ගණන් කරන්න.. "
" බෑ නර්ස් කෙනෙක් වෙන්න ඕනේ.. " සර් මට හිනා උනා.. සර් දන්නවා එක මගේ ජීවිතේ හීනේ කියල .. සර් මට බල කලේ නෑ..මම බයෝ කළා දෙපාරක්.. පලවෙනි පාර ෆිසික්ස් වලට වව්ලෙක් තමා ගත්තේ.. හේතුව... ( අහේතුව තමා ඉතින්... පාඩම් කලේ නෑ.. පරණ යාළුවො නැති වෙලා උනන්දුවෙන් වැඩ කරපු අය වෙනුවට ක්ලාස් කට් කරන අය එක්ක සෙට් උන එකේ අහේතුව තමා ඒ පඩිසන් දුන්නේ..) කොහොම හරි දෙවැනි පාර අති සාර්ථක ලෙස ගොඩ..
එකත් ගොඩ ගියේ සර් නිසා.. සර් බැණ බැණ මට කියල දුන්න දන්නේ නැති ඒවා.. බැන්නේ යාළුවො අත් අරින්න කියලා.. සර් නිසාම මම උසස් පෙළත් ගොඩ ගියා..
කැම්පස් නම් ගියේ නෑ..
කැම්පස් නර්සින් වලට ඉසෙඩ් මදි උනා..
මම නර්සින් ගැසට් කරනකල් බලන් හිටියා..
ටීචින් දැම්ම..
මුකුත් නෑ සද්දයක්..
සර් මට බැන්න අප්‍රමාණව.. මම පණ්ඩිතකමට බයෝ කලා කියලා..
මම ප්‍රයිවට් හොස්පිටල් එකක නර්සින් ගියේ ඒ ගැන තිබ්බ උණ නිසා..
කොහොමහරි 2009 මැයි 4.. ජීවිතේ මම අහපු කාලකන්නිම නිව්ස් එක මගේ කනට වැටුනා..
උන් හිටි තැන අමතක උනා මට..
මගේ පන්තියේ කොල්ලෙක් කතා කරලා මහා රෑ 11 ට විතර අඬ අඬ කිව්වා..
".... සර් නැති වෙලා ...."
ඔලුව පැලෙන්න වගේ උනා..ජීවිතේ නැවතුනා වගේ උනා..
හුස්ම උඩට ගත්ත එක පහලට වැටෙන්නතුව ගියා..
අප්පච්චි...
අනේ..
................................................................
මම ගොඩාක් අවාසනාවන්තයි....
පහුවදා මම වැඩට ගියේ හවස සර් බලන්න යන්න හිතන්..
එත් ගෙදර එනකොට මගේ එෆෙයාර් ගෙදරට ආරංචි වෙලා..
ගෙදර ගිනි අරන්..
" මට සර් බලන්න යන්න ඕනේ.. "
" බෑ කොහෙවත් යන්න දෙන්න බෑ තාත්තා එනකල්.. " අම්මා එහෙම කිව්වා..මම බලන් හිටියා තාත්තා අවේ රෑ වෙලා..
සේරම වෙලා ඉවර උනාට පස්සේ..
මට මගේ අප්පච්චිගේ කකුල් දෙක අල්ලලා අන්තිම පාරට වඳින්න වාසනාව නැති උනා.
මම පහුවදාම සර්ලගෙ ගෙදර ගියා..
මිස් දුවන් ඇවිත් මගේ ඉස්සරහ ඇදගෙන වැටුනා..
" අප්පච්චි නැති උනා පොඩ්ඩි.. ඇයි අවේ නැත්තේ අප්පච්චි බලන්න.. මම කොච්චර පණිවිඩ යැව්වද.. "
................................................................
අනේ අප්පච්චි අදටත් මට මගේ හිත වද දෙනවා..
මගේ අප්පච්චිගේ අන්තිම ගමනට යන්න උනේ නැත්තේ මගේ ආදරය නිසා.. මට ඒක නැති උන ඒක ගැන දුකක් නෑ.. එත්.. මට මගේ අප්පච්චිගේ කකුල් අල්ලලා වඳින්න බැරි උන ඒක ගැන දුකයි..
මම දැන් නර්ස් කෙනෙක් සර්...
සමාවෙන්න.. සිසු හෙදියක් මම...
මම මගේ ඉලක්කෙට ගියා සර්...
සර් උන්නනම් අප්පච්චි තරමටම සතුටු වේවි..
මට විශ්වාසයි ඒක..
මගේ දෙවැනි අප්පච්චිට බුදුසරණයි...
කොහේ හරි හොඳ තැනක ඉපදිලා ඇති...
මට ආපහු මේ සසරේ කොහේදී හරි මුණ ගැහේවි..
ස්තුති අප්පච්චි..
මම ආදරෙයි ඇත්තටම ගොඩාක්..
මම තාමත් අප්පච්චිගේ පොඩ්ඩි..
ප.ලි.
ගොඩක් කල් ඉඳන් මේ ගැන ලියන්න උන්නා..
හරියටම කිව්වොත් ජුලි දෙවෙනිදා ඉඳන්..
නෑ..
ඊටත් කලින් ඉඳන්...
ජුලි 2.. මගේ ගණන් සර්ගේ උපන් දිනේ...
මගේ ජීවිතේ මට මුණගැහුන එකම ගුරුවරයා..
මම මගේ දෙවෙනි අප්පච්චි කියල කියන්නේ එකයි මගේ සර් ට...
Tuesday, July 31, 2012
ඔබේ උණුහුම පෙර ලෙසටම.. ආයෙත් ලැබෙනවානම් මට..
ඉඳහිට හෝ.. නුඹ ඇවිදින් ..
නෙතු අද්දර ගැවසෙනකොට..
මගේ පුංචි හිතට දැනෙන..
සතුටේ නිමක් නෑ..
ඉන්ටර්නෙට් කම්පියුටර් ..
ලෝකෙක ඔබ තනි වෙනකොට..
මගේ පුංචි හීන ලෝකේ..
පාමුල බොඳ වී යනකොට..
හද දැවෙනා අයුරු නුඹට සිතන්නටත් බෑ..
කාලය ආපසු හරවා..
මගේ කෙළිලොල් දින මට දී..
ඔබේ උණුහුම පෙර ලෙසටම..
ආයෙත් ලැබෙනවානම් මට..
ඒ තරමට සතුටක් මට..
ලබා ගන්න බෑ...
Sunday, July 8, 2012
අදහන්න පුලුවන්ද ඉතින් මට???
කවි හිතම පාලු වෙලා..
කිවිඳුනි..
නුඹ දුන්නු කවි හැගුම්..
මුළු හිතම පාරවල..
රිදවලා..
වේදනාවක් වෙලා...
හද පතුලටම කිමිදිලා..
මුළු හිතම වසාගෙන..
අඳුරු හෙවනැලි වගේ..
මට තේරුනා..
මම මියැදිලා...
නෑ නෑ..
මගේ හිත.. හැගීම් මියැදිලා..
මට දුකයි..
ඇයි දන්නවද????
හිතට කවි හැගීම් දුන්න නුඹම..
ඒ සියල්ල රැකගත් නුඹම..
ඒ හැගීම් මරල දාලා..
අදහන්න පුලුවන්ද ඉතින් මට???
කිවිඳුනි..
නුඹ දුන්නු කවි හැගුම්..
මුළු හිතම පාරවල..
රිදවලා..
වේදනාවක් වෙලා...
හද පතුලටම කිමිදිලා..
මුළු හිතම වසාගෙන..
අඳුරු හෙවනැලි වගේ..
මට තේරුනා..
මම මියැදිලා...
නෑ නෑ..
මගේ හිත.. හැගීම් මියැදිලා..
මට දුකයි..
ඇයි දන්නවද????
හිතට කවි හැගීම් දුන්න නුඹම..
ඒ සියල්ල රැකගත් නුඹම..
ඒ හැගීම් මරල දාලා..
අදහන්න පුලුවන්ද ඉතින් මට???
ඒ තරු ඇස් දෙක ආයෙත් දිලිසුනා..
මම එක්ක.. ආදරෙන් හිනා උන මගේ පුංචි දූ පැටික්කි..
මට ඔයාව බලන්න පිළිස්සුම් ඒකකයට යන්න උනේ නෑ ඒ යුනිට් ඒකෙන් ආවට පස්සේ..
එත් මොකක්දෝ අහම්බෙකින් අපිට ආයෙත් බර්න්ස් යුනිට් යන්න ලැබුනේ..
හිතුවේ නෑ තාමත් ඔය ඉඳීවී කියල..
ඔයා මාව අඳුන ගත්තද දන්නේ නෑ මගේ පැටික්කියේ..
ආදරෙන් මම දිහා ඔයාගේ ඇස් ලොකු කරලා බලල හිනා උනා ඔයා..
මම දන්නවා ඔයා ආසයිනේ නළල අත ගානවට හිමීට..
හිමීට නින්ද යනවා ඔයාට එතකොට..
මගේ අත හෙමීට ඔයාගේ නළලට තිබ්බේ එකයි මම..
ඔයාගේ වේදනාව පිරුන මූණ හිනාවෙන් ඔපවත් වෙනකොට..
මට දැනෙන්නේ.. මගේම දූ පැටියෙක් වගේ ඔයා..
මේ ආත්මේ නැතත්..
වෙන ආත්මෙක හරි මගේම වෙලා ඉන්න ඇති ඔයා..
එක වෙන්න ඇති මගේ පැන්චියේ මේ තරම්ම ආදරයක් මගේ හිතේ ඔයාට තියෙන්නේ..
මම ආදරෙයි මගේ දූ ඔයාට..
ඔව් දුවේ ඇත්තමයි..
අම්මත් තාත්තත් නැති ඔයාගේ ලෝකෙට පොඩියට දිලිහෙන තරු ලකුණක් වෙන්න ලැබුන එකත්..
වේදනාවෙන් විඳවන ඔයාගේ මූනට පුංචි හිනාවක් එකතු කරන්න ලැබීමත්..
මගේ පූරුවේ පිනක් වෙන්න ඇති.
Sunday, July 1, 2012
එන්න..
ආදරෙන් ගොඩ වෙන්න...
බිනර සඳට..
එන්න..
මගේ හිතේ ලියවෙන..
කවි හැගීම්..
සිතුවිලි...
මම පුළුවන් විදිහට අකුරු කරන්නම්...
ඔයාලත් පුලුවන්නම් ඒ හැගීම් විඳලා යන්න...
බිනර සඳට..
එන්න..
මගේ හිතේ ලියවෙන..
කවි හැගීම්..
සිතුවිලි...
මම පුළුවන් විදිහට අකුරු කරන්නම්...
ඔයාලත් පුලුවන්නම් ඒ හැගීම් විඳලා යන්න...
මම..
බිනර සඳ..
Subscribe to:
Posts (Atom)