Monday, February 25, 2013

පුදුමෙකියි....


 

පුරා සඳ වී නැගී....
අමාවක වී මැකී....
සිත හදයි...
යලි බිඳියි....
නුඹ මහා....
පුදුමෙකියි....






ලිංගිකත්වය... ආදරය පෙරදැරි කර ගොඩනගන්න....






නදීකා බිම බලාගෙන පොලවේ එහා මෙහා යන පුංචි කුඹි දිහා ඔහේ කිසිම අරමුණක් නැතුව බලන් උන්නා....
ඒ ඔලුව උස්සල බලන්න තිබ්බ බයටද... ලැජ්ජාවටද කියල නදීකා කල්පනා කළා.....

1463...
1463 ඉන්නවද????

නදීකා ගැස්සිලා පියවි සිහියට ආවා....
හඬ බෑග් එක කරේ දාගෙන බිම බලාගෙනම කාමර අංක 3ට ගිය නදීකා ඩොක්ටර්ගේ මූණ බැලුවේ බලාපොරොත්තුවක් ඇස් දෙකේ තියා ගෙන නෙමේ....
ඩොක්ටර් රිපෝර්ට් එක අතට දෙන ගමන්ම නදීකට හෙමීට කොඳුරලා වගේ කිව්වා....
ඔයා රිපෝර්ට් කියවන්න දන්නවනේ නදීකා....

එච් . අයි . වී ඇන්ටිබොඩි ටෙස්ට් පොසිටිව්....

මුළු ලෝකෙම කැරකෙනවා වගේ දැනෙන්න ගත්ත නිසා නදීකා පුටුවේ පිටි පස්සේ ඇන්දට හේත්තු උනා.....
ඔහේ කඳුළු කැට කිසිම සද්දයක් නැතුවම කම්මුල් දිගේ ගලා ගෙන ගියා....
අවසාන ඇය අගේ හැඩීම බොහොම හෙමින් ඉකිබිඳුමකින් අවසන් කළා....


හ්ම්ම්ම්ම්....
නදීකා ඔයා දන්නවනේ.... ඉස්සර වගේ නෙමේ... දැන් ඕකට බෙහෙත් තියෙනවා... නිට්ටාවටම සනීප කරන්න බැහැ තමයි...
ඒත්...
වයිරස් ලෝඩ් එක අඩු කරලා ප්‍රතිශක්තිය නංවන්න පුළුවං බෙහෙත් වලින්....
අහන්න....
ඔයාගේ මහත්තයා රට යන්න කලින්ද බබාලා දෙන්නා හම්බ උනේ....

ඔව්... නදීකා ඔලුව වැනුවා....

හ්ම්ම්ම් ඒ උනාට කමක් නෑ ... අපි බබාලා දෙන්නවත් ස්ක්‍රීන් කරමු....
ඔයා කැමතියි නේද නදීකා....

ඔව් ඩොක්ටර්.....

මට මේ දේ උනේ මගේ වරදින් නෙමේනම්....
ඇයි ඩොක්ටර් මට මෙහෙම විඳවන්න වෙලා තියෙන්නේ????

නදීකාගේ විලාපය 3නේ කාමරය පුරා දෝංකාරය දුන්නා.....



ලිංගිකත්වය හඹා යන්නනි....
ඉතින්....
ඔබ දන්නවාද එච්.අයි.වී. ඒඩ්ස් .....
ඔබෙත්....
ඔබේ සහකරුවා හෝ සහකාරියගේත්.....
තම රුහිරෙන් ලොවට පුදන කිරිකැටියාගේත් ජීවිත විනාස කර දමන බව.....


සමාජය සංස්කෘතිය යන කඩතුරාවෙන් වසා....
ලොවටම රහසක් කර ලිංගිකත්වය ගැන පාඩම් තුරුණු වියට එළඹීමත් සමගම දැනුවත් කර දරුවන් යහමගට ගැනීම වෙනුවෙන් කරන ක්‍රියාවන්ට විරුද්ද වෙන සියල්ලෙනි.....
ඔබේ දරුවාට ගෙදරින් පිටට යාමට පෙර කොන්ඩමය ගත්තාදැයි....
උපත් පාලන ගිලින පෙති ගත්තාදැයි අසන්නට වෙන දවස වැඩි ඈතක නැත....
ඒ නිසාම නිසි අධ්‍යාපනය සදාචාරාත්මක ගති පැවතුම් මෙන්ම....
ලිංගික අධ්‍යාපනයද දරුවන්ට ලබාදීම මැනවි යන තැන අද අප සිටිය යුතුය.....

ඉහත දැක්වෙන කතාවේ ආරම්භය හෝ අවසානය ඔබට වටහා ගත හැකිද????


පුද්ගලයින් වූ කලී අතිශයෙන් හැගීම් දැනීම් සහිත වන බව අප දනිමු....
ලිංගිකත්වය තරමින් මිනිසුන් නොසන්සුන් වෙන තවත් හැගීමක් මා දන්නේ නැත....
නමුත්.....
තුරුණු විය බඹසර රැකීම මොන තරම් ඇවැසිද යන්න මෙන්ම ඒ බඹසරයෙහි අගනා කම්ද අමුතුවෙන් ඔබට කොනහා කීමට දෙයක් නැත....
විවාහයෙන් මත්තට උවද තම සහකරු හෝ සහකාරියට තම කොපමණ විශ්වාසවන්ත වේද යන කරුණ මත සිංහල සමාජය විවාහ ජීවිතේ සාර්ථකත්වය මැනීම සිදු කරයි....
ශ්‍රී ලංකාව තුල එච්. අයි.වී ආසාදිතයන් සංඛ්‍යාව අනෙක් රටවල් හා සාපේක්ෂව අඩු වීමට එයද හේතුවක් වී ඇත....

නමුත් මේ වන විට පිට රටවල් වල රැකියා සඳහා යන පිරිස තුල මෙන්ම....
පුර්ෂ සමලිංගික සබඳතා නිසා ඇතිවී ඇති එච්. අයි. වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට වැඩිවෙමින් පවතින බව සංඛ්‍යා ලේඛණ මගින් සනාථව ඇත...

වෘතිමය ගණිකාවෝ එසේත් නැතිනම්... ගණිකා වෘතියෙහි නියැලෙන්නන් මෙන්ම නියලෙන්නියන්ද මේ ආසාදනය පිලිබඳ බොහෝ සෙයින් දැනුවත් වී ඇත....
ඔවුන් නිසි පරිදි සායන වලට පැමිණීමද.... අසාදනයන්ගෙන් වැළකීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග ගැනීමටද නොපමාවම කටයුතු කරන්නට පෙළඹීම සතුට දනවන මෙන්ම බෙහෙවින් ධනාත්මක කරුණකි....

නමුත්..
මේ තත්වයට බොහෝවිට ගොදුරු වන්නේ... වෙරළ සරන්නන් එහෙමත් නැත්නම් බීච් බෝයිස්ලා සහ...
සම ලිංගික පුර්ෂයන් සහ...
නික්ෂේපන ක්‍රම මගින් මත ද්‍රව්‍ය ගන්නන්ය....

මේ සියල්ල අතරම සිතට සහනදායි එක් කරුණක් වන්නේය....
ඒ 2004 වසරින් පසුව එච්.අයි.වී ආසාදිතයන් සඳහා බෙහෙතක් සොයාගෙන තිබීමය....

නමුත් අප මෙය පුන පුනා කියන්නේය..
මෙහිදී සිදුවන්නේ වයිරසය පාලනය මිසක ශරීරයෙන් නැති කිරීම නොවන නිසා සාමාන්‍ය පරිදි ලිංගික ක්‍රියාකාරකම්හි නිරත වීමේදී අනිකාද ආසාදනය වීමට ඉඩ කඩ ඇත....


සියල්ලන්ගේම යහපත උදෙසා මේ සටහන අවසානයේ මෙසේ සනිටුහන් කරන්නෙමි....

ඔබ....

විශ්වාසවන්ත එක සහකාරියකට හෝ සහකරුවෙකුට සීමා වන්න...

ඔබ ඔබේ සහකරුට සහකාරියට විශ්වාසවන්ත වන්න....

අනාරක්ෂිත ලිංගික සබඳ කමකදී නිවැරදි ලෙස කොන්ඩමයක් පළදින්න....
 
පුර්ෂ සමලිංගික සේවනයේදීද කොන්ඩම් භාවිතය සිදු කරන්න...

එමෙන්ම. ..
මේ වන විට ඔබ....

එක වරක් හෝ.... වැඩි වාර ගණනක් අනාරක්ෂිත ලිංගික එක් වීමක් සිදු කර ඇත්නම්...

වහාම ලගම ඇති රජයේ එච්.අයි.වී සඳහා සායන පවත්වන ස්ථානයකට ගොස් එච්.අයි.වී සඳහා පරීක්ෂාවක් කරගන්න....
 
ඔබගේ රහසිගත භාවය පිලිබඳ අප වගකියන්නෙමු....

ඔබගේ නම හෝ භාවිතා නොකරන නොම්බරයකින් සියල්ල ලේඛන ගත කරන තරමටම රහස්‍ය භාවය සුරකින එම ආයතන....
ඔබේ අනාගතය සුන්දර කිරීමට ඔබට අත්වැලක් වනු නිසැකය.....


මතක තබා ගන්න.....

සුන්දර ඇරඹුමක්...
දුක් බර කතාවකින් කෙලවර කිරීමට ඉඩ නොතබන්න.....


ලිංගිකත්වය... ආදරය පෙරදැරි කර ගොඩනගන්න....