Monday, October 29, 2012

තිර කලෙද අතිර බව...







කළා සොලොසක් පිරුණු...

පින් බර වූ පුරා සඳ...

රන් රැසින් නෑවෙමින්...

නැගී දිලෙනා රැයක...

මාර සෙන් පරදවා...

බිඳ දමා සසර දුක...

ලෝ සතට දයාවෙන්...

තිර කලෙද අතිර බව...

Sunday, October 28, 2012

මගේ අයිතිය...





නුඹ ගැනම හිත හිත...

නුඹටම කැපව...
රැයක් දවාලක් නැතිව...
පෙම් කල නුඹට...
අහිමි බව දැන දැනම..


හිමිකම් කීවද නුඹේ වෙදැගිල්ල..
ඇගේ රන් මුදුවට...
ඔබේ ස්පේශය ඇගේ උවද...
නුඹේ සිත මගේ නේද???
නුඹේ දෑසේ කාන්තිය මගේ නේද???


නුඹ ඇගේ බව දැන දැනත්...
නුඹ අහිමි වග දැනදැනත්...
නුඹට පෙම් කල මට...
නුඹේ දෙපා අහිමි වීම හේතුවක්ද දුරස් බවට?????
ඔය සිරුර හැමදාමත් මගේ නොවෙයි නේ...
මට හිමි නුඹේ හිත..
නුඹේ ආදරයම විතරයි නේ...






Saturday, October 13, 2012

මගේ ආදරේ....





හබරල පතක පිණි බිංදු නොරැන්දෙනා සේම...
 

මම කොයි තරම් පෙම් කලත් නුඹට...
 

මටත් නොකියම...
 

නුඹටත් නොදැනීම...
 

මගේ ආදරේ ගිලිහී ගිහින් බිම වැටිලා...
 

හොර රහසේම..



Thursday, October 11, 2012

මම ආයේ නොඑන වග නුඹ වටහා ගත්තදෙන්...




දම් පාට පුංචි මල්... 
මග බලා සිටිද්දෙන්...
රෝස පැහැ රෙබරෝස්..
මිලින වී ගියාදෙන්...
කහ පාට මල් මැරී..
පොලව සිප ගත්තදෙන්...
මැයි මලුත් අවාරේ..
පර වෙලා ගියා දෙන්..

මල් පාර ඉකි ගසා... පාළුවට ගියාදෙන්...
සුදු පාට සමනල්ලු කළු වෙලා ගියාදෙන්...
දහවලේ දැල්වෙනා වීදි කොන පහන් කණු...
රාත්‍රී මැදියමේ නොදල්වී තිබෙද්දෙන්...

මා අතර ගිය නුඹේ නෙතු කඳුළු නැගෙද්දෙන්...
වියැලිලා ගිය පඳුරු යට සුසුම් හෙලෙද්දෙන්...
ජීවිතේ හැමදාම මග බලා හිඳිද්දෙන්...
මම ආයේ නොඑන වග නුඹ වටහා ගත්තදෙන්...


 සමාවෙන්න මට පොස්ට් එක එඩිට් කරන්න උනා...
මේක පබ්ලිෂ් කරන්න නෙමේ හිටියේ සේව් කරන්න ගිහින් හදිස්සියේ පබ්ලිෂ් උනා...
මේක ලියන්න හේතුව ලියන්න උනේ නෑ.. ඒ නිසා එඩිට් කරලා ලියන්න උනා...

මේක ලියන්නේ ගැහැණු ළමයෙක්....
එයාව ඇත ඇරලා ගිය පිරිමි ළමයට...
මේ කවිය ඇතුලේ පලිගැනීම තියෙනවා කියල සමහරවිට මට දෝෂාරෝපණ එන්නත් පුළුවන්...
එත්....
මේක මේ ගැහැණු ළමයා විසින් තමන්ගේ හිත හදාගන්න තමන්ටම කියන කවියක්.... 
ඒකයි එයා කියන්නේ ඔයාටත් කඳුළු එන්න.. සුසුම් විඳින්න වෙන්න කියලා...
අන්තිමට ගැහැණු ළමය කියන්නේ...
මම අයෙත් එන්නේ නෑ... ඒක තේරුම් ගන්න කියල...
එහෙම කියන්න පසුබිම හදාගන්න උඩින් තියෙන සේරම දේවල් වෙන්න කියල කියනවා මිසක් එයට ඕනේ නෑ පිරිමි ළමයට සාප කරන්න..
ගැහැණු ළමයි බහුතරයක් එහෙමමයි....
එහෙම නේද????




අහංකාර ගැහැණු සිත...






නුඹ හදවතට එන්නේ.. මද පවනක් වගේ...

එත්.. මම නුඹට සැඩ සුළඟක් වගේ...

නුඹ මම දිහා බලන්නේ ආදරේ පුරෝගෙන...
එත්.. මම නුඹට රවන්නේ.. නපුරුකම් මවාගෙන..

නුඹ මට හිනැහෙන්නේ ඇත්තටම ආදරේට...
මං නුඹට හිනැහෙන්නේ.. ඔච්චමට විහිලුවට...

මට සමාවෙයන් ආදරණීය හදවත...
නුඹ ප්‍රේමනීය උනත් අපමණව..
දයාවෙන් පිරුණා උනත් අසීමිතව...
මං අහංකාරයි අනන්තව...

ඔව්...
මං තමයි මෙල්ල නොවන අහංකාර ගැහැණු සිත...





අහංකාර ගැහැණු සිත...