දම් පාට පුංචි මල්...
මග බලා සිටිද්දෙන්...
මග බලා සිටිද්දෙන්...
රෝස පැහැ රෙබරෝස්..
මිලින වී ගියාදෙන්...
කහ පාට මල් මැරී..
පොලව සිප ගත්තදෙන්...
මැයි මලුත් අවාරේ..
පර වෙලා ගියා දෙන්..
මල් පාර ඉකි ගසා... පාළුවට ගියාදෙන්...
සුදු පාට සමනල්ලු කළු වෙලා ගියාදෙන්...
දහවලේ දැල්වෙනා වීදි කොන පහන් කණු...
රාත්රී මැදියමේ නොදල්වී තිබෙද්දෙන්...
මා අතර ගිය නුඹේ නෙතු කඳුළු නැගෙද්දෙන්...
වියැලිලා ගිය පඳුරු යට සුසුම් හෙලෙද්දෙන්...
ජීවිතේ හැමදාම මග බලා හිඳිද්දෙන්...
මම ආයේ නොඑන වග නුඹ වටහා ගත්තදෙන්...
සමාවෙන්න මට පොස්ට් එක එඩිට් කරන්න උනා...
මේක පබ්ලිෂ් කරන්න නෙමේ හිටියේ සේව් කරන්න ගිහින් හදිස්සියේ පබ්ලිෂ් උනා...
මේක ලියන්න හේතුව ලියන්න උනේ නෑ.. ඒ නිසා එඩිට් කරලා ලියන්න උනා...
මේක ලියන්නේ ගැහැණු ළමයෙක්....
එයාව ඇත ඇරලා ගිය පිරිමි ළමයට...
මේ කවිය ඇතුලේ පලිගැනීම තියෙනවා කියල සමහරවිට මට දෝෂාරෝපණ එන්නත් පුළුවන්...
එත්....
මේක මේ ගැහැණු ළමයා විසින් තමන්ගේ හිත හදාගන්න තමන්ටම කියන කවියක්....

ඒකයි එයා කියන්නේ ඔයාටත් කඳුළු එන්න.. සුසුම් විඳින්න වෙන්න කියලා...
අන්තිමට ගැහැණු ළමය කියන්නේ...
මම අයෙත් එන්නේ නෑ... ඒක තේරුම් ගන්න කියල...
එහෙම කියන්න පසුබිම හදාගන්න උඩින් තියෙන සේරම දේවල් වෙන්න කියල කියනවා මිසක් එයට ඕනේ නෑ පිරිමි ළමයට සාප කරන්න..
ගැහැණු ළමයි බහුතරයක් එහෙමමයි....
එහෙම නේද????

මේ කවිකමට මම ගොඩක් ආසයි.....
ReplyDeleteමේ කවි හිත තියෙන මගේ ආදරණීය යාළුවට මම ඊටත් වඩා ආසයි ආදරෙයි......
මම දන්නවා බිනරි ඒක..
Deleteඔයාම තමයි මාව කවි ලියන්න දිරි ගන්වන්නේ..
කවි ගැන මට දැනුමක් නැ.නිර්මාණාත්මක බව නම් තෙරේනවා.
ReplyDeleteතැන්ක්ස් ගයනි මගේ බ්ලොග් එකට ආවට...
Deleteකවි... නිර්මානාත්මකයිද නම් දන්නේ නෑ.. මතක ඇති කලේ ඉඳන් මම කවි නම් ලියනවා...
බොහොම ස්තුතියි මගේ දුප්පත් බ්ලොග් එකට ආවට...
හරිම අපූරුයි! ජය!
ReplyDeleteබොහොම ස්තුතියි හිරුහිමාවී....
Deleteස්තුතියි මගේ බ්ලොග් එකට ආවට...
නියම කවී ටිකක්.. එලස්!!!
ReplyDeleteස්තුතියි යාලු.. ස්තුති මගේ සඳට ගොඩ බැස්සට...
Deleteඑන්නෙපා යළි ආයේ පුරුදු සෙ මා සොයා...
ReplyDeleteසිතක් නෑ මා ගාව ඉතිරි වී ඔබ නමින්..
:)
ReplyDelete