Sunday, July 8, 2012

ඒ තරු ඇස් දෙක ආයෙත් දිලිසුනා..


මම එක්ක.. ආදරෙන් හිනා උන මගේ පුංචි දූ පැටික්කි..
මට ඔයාව බලන්න පිළිස්සුම් ඒකකයට යන්න උනේ නෑ ඒ යුනිට් ඒකෙන් ආවට පස්සේ..
එත් මොකක්දෝ අහම්බෙකින් අපිට ආයෙත් බර්න්ස් යුනිට් යන්න ලැබුනේ..
හිතුවේ නෑ තාමත් ඔය ඉඳීවී කියල..
ඔයා මාව අඳුන ගත්තද දන්නේ නෑ මගේ පැටික්කියේ..
ආදරෙන් මම දිහා ඔයාගේ ඇස් ලොකු කරලා බලල හිනා උනා ඔයා..
මම දන්නවා ඔයා ආසයිනේ නළල අත ගානවට හිමීට..
හිමීට නින්ද යනවා ඔයාට එතකොට..
මගේ අත හෙමීට ඔයාගේ නළලට තිබ්බේ එකයි මම..
ඔයාගේ වේදනාව පිරුන මූණ හිනාවෙන් ඔපවත් වෙනකොට..
මට දැනෙන්නේ.. මගේම දූ පැටියෙක් වගේ ඔයා..
මේ ආත්මේ නැතත්..
වෙන ආත්මෙක හරි මගේම වෙලා ඉන්න ඇති ඔයා..
එක වෙන්න ඇති මගේ පැන්චියේ මේ තරම්ම ආදරයක් මගේ හිතේ ඔයාට තියෙන්නේ..
මම ආදරෙයි මගේ දූ ඔයාට..
ඔව් දුවේ ඇත්තමයි..
අම්මත් තාත්තත් නැති ඔයාගේ ලෝකෙට පොඩියට දිලිහෙන තරු ලකුණක් වෙන්න ලැබුන එකත්..
වේදනාවෙන් විඳවන ඔයාගේ මූනට පුංචි හිනාවක් එකතු කරන්න ලැබීමත්..
මගේ පූරුවේ පිනක් වෙන්න ඇති.

1 comment:

  1. මේ ආත්මේ නැතත්..
    වෙන ආත්මෙක හරි මගේම වෙලා ඉන්න ඇති ඔයා..
    එක වෙන්න ඇති මගේ පැන්චියේ මේ තරම්ම ආදරයක් මගේ හිතේ ඔයාට තියෙන්නේ..

    ReplyDelete