පාට වැටුන ලස්සන ලස්සන ජීවිත දැකල..
කළුත් නැති සුදුත් නැති..

පාට පාට හීන දැක්කා මං ...
කාගෙන් කාගෙන් හරි පාට ඉල්ලගෙන පාට කරගන්න ජීවිත අගේ නෑ කියල මම දන්නා නිසා...
සේරම පාට එක තැනක තියෙන තැනක් හොය හොයා කල්පයක් තරම් කාලයක්...
අනන්තයක් තරමටම දුර...
කකුල් රිදෙනකල් ඇවිදන් ගියා..
ඇවිදලා ඇවිදලා නුඹේ ළඟ මම නැවතුනේ....
නුඹ මට පෙන්නපු රෝස පාට... දම් පාට.. ලා නිල්... හීන නිසාමත් නෙමේ....
ඒත් ...
මම හොයපු පාට සේරම එතන ඇතියි කියල මට හිතුන නිසා...
කාලයක් ගතවෙනකොට.. මට ජීවිතේ වැටහෙනකොට ...
මම දැනගත්තා... නුඹ මට පෙන්නුවේ හීනම විතරක් බව...
ඒ හීන පාට පාට උනාට බිඳුනට පස්සේ..
අයෙත් මගේ පරණ පුරුදු ජීවිතේම මට ලබෙයිනෙ කියල මං ..
මම දැක දැක හිටපු සේරම හීන වලින් අවදි උනා..
එත්...
දැන් මගේ මුළු ලෝකෙම...
කලුයි සුදුයි....
මේ පාට දෙකට වඩා... පාට නොතිබ්බ මගේ ජීවිතේ ලස්සනයි...
මම ආපහු හැරිලා බැලුව...
ක්ෂිතජයෙන් දම් පාට... ආකහෙන් සුදු පාට.. මල් වලින් නිල් පාට... කොළ වලින් කොළ පාට..
එහෙන් මෙහෙන් හැම තැනින්ම පාට පාට එකතු කරපු සේරමල්ලගෙන ජීවිත පාට පාට වැටිලා..
එකම තැනකින් පාට එකතු කරන්න ගිය මගේ ලෝකේ අද කලුයි සුදුයි විතරයි...
කොතනද මට වැරදුනේ????
අමුතුයි .. ලස්සනයි..
ReplyDeleteහැබැයි කළුයි සුදුයි කියන්නෙත් ලස්සන පාට සංයෝජනයක්.. අඳුරු පාටම විතරක් නොතියා කළුයි සුදුයි දෙකම ඉතුරුකරල ගිය එක ගැන සන්තෝස වෙන්න
Deleteහ්ම්ම්ම්ම්....
කළුත් සුදුත් එකතු උනාම අළුත් හැදෙනවා...
ඒ පාට ටික ඇති වේවි මගේ ජීවිතේ පාට කරන්න..
සංකීර්ණ වර්ණයන්ට වඩා මම කොහොමත් සරල පාට වලට කැමතියි...
අහ්හ්හ් මී ගොඩයා සහෝ...
ස්තුතියි මගේ බ්ලොග් එකට ආවට,,,
ලස්සනයි.....මටනම් හිතෙනව අයි අතරමන් නොවුනොත් දැන් තියන කළුයි සුදුයි ලෝකෙත් උඹට ලස්සනක් ගෙනෙවි කියල....
ReplyDeleteඅනිවාර්යෙන්ම සහෝ...
Deleteමම මේකේ පාට හොයන බව කිව්වට..
මම එක්කෝ කළු නැත්නම් සුදු කෙල්ලෙක්...
ඔය පාට දෙක අතර මගේ ලෝකේ වෙන පාට නෑලු...
ඒක කිව්වෙත් ඔයා හොඳට අඳුනන කෙනෙක්...
වරදක් නැ හොදයි.
ReplyDeleteස්තුතියි මල්ලියා...
Deleteඹයත් මම වගේමයි..
ReplyDeleteමටත් ඹ්කමයි උනේ...
?????
Deleteඒ මොකෝ ඒ???
මාත් ආවයි කියන්නේ මේ පැත්තට...එන්නම් ඈ ආයිත්...
ReplyDeleteස්තුතියි තරු....
Deleteඔය මෙහෙ ආපු එක ගැන බොහොම සතුටුයි...
ඒ වගේම බොහොම ස්තුතියි....