Thursday, October 11, 2012

අහංකාර ගැහැණු සිත...






නුඹ හදවතට එන්නේ.. මද පවනක් වගේ...

එත්.. මම නුඹට සැඩ සුළඟක් වගේ...

නුඹ මම දිහා බලන්නේ ආදරේ පුරෝගෙන...
එත්.. මම නුඹට රවන්නේ.. නපුරුකම් මවාගෙන..

නුඹ මට හිනැහෙන්නේ ඇත්තටම ආදරේට...
මං නුඹට හිනැහෙන්නේ.. ඔච්චමට විහිලුවට...

මට සමාවෙයන් ආදරණීය හදවත...
නුඹ ප්‍රේමනීය උනත් අපමණව..
දයාවෙන් පිරුණා උනත් අසීමිතව...
මං අහංකාරයි අනන්තව...

ඔව්...
මං තමයි මෙල්ල නොවන අහංකාර ගැහැණු සිත...





අහංකාර ගැහැණු සිත...

3 comments:

  1. අහංකාර නොවී ආඩම්බර වූවා නම් ඔය ගැහැණු හිත ලස්සනයි නොවැ.....

    ReplyDelete
    Replies
    1. මම අහංකාරද ආඩම්බරද කියල කාටත් වඩා දන්නවනේ ඔයා බිනරී..

      Delete
  2. මෙල්ල නොවන... මුරණ්ඩු.... සමහර වෙලාවට පිරිමින්ටත් නැති දරදඬු සිත් සියුමැලි කාන්තාවන්ට ඇති වෙන එක නම් හොඳ නෑ... හ්ම්

    ReplyDelete