Thursday, November 1, 2012

පාළුව.. තනිකම...




ජීවිතේ හිස් බවින් පිරී ඉතිරිලා දැන්...
තනිකමයි.. පාළුවයි...ලෝකයම වෙලා දැන්...

මේ තනිය දුරලන්න...
පාලුවට ළඟ ඉන්න...
පුංචි තරු සලකුණක්...
සිත්තමට නගන්නම්...

මගේ පුංචි තරු කැකුළ..
අමාවක කාලයට...
ත නොහැර සිත් අහස...
සදහටම රැඳෙනවාද???

එසේ නුඹ රැඳෙයි නම්..
කල්පයක් සුවහසක්...
වලා පට වී මමත්...
වෙලී ළඟ රැඳෙන්නම්...

7 comments:

  1. ^_^ වෙනදා වගේ තමා ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියෝ ...
      හැමදාම වාගේම අදත් ඔයාට මගේ කවිය ලස්සනයි නේද???

      Delete
  2. Replies
    1. මොකෝ අයියේ...
      මොකෝ මේ ඇස් ලොකු වෙලා???

      Delete
  3. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරූ...
      ආයෙමත් මගේ බ්ලොග් එකට ආවට ඔයාට ස්තුතියි...

      Delete
  4. මගේ පුංචි තරු කැකුළ..
    අමාවක කාලයට...
    අත නොහැර සිත් අහස...
    සදහටම රැඳෙනවාද???
    ලස්සනයි ඇත්තටම..

    ReplyDelete