Saturday, September 29, 2012

මගේ ආදරණීය බිනර සඳ..

27 වෙනිදා රෑ 7 ට විතර මම මගේ බිනරිට ලියුමක් ලිව්වා..
ඊයේ හවස මම රාත්‍රී වැඩ මුරයට යනකොට චේන්ජින් රූම් එකේ  පොඩි නැපි කට්ටකින් මගේ බෑග් එකට අමුණලා මගේ පිළිතුරු ලිපිය මට ලැබුනා..
මෙන්න මෙහෙම එකේ ලියවිලා තිබ්බා...

මගේ ආදරණීය බිනර සඳ..

කළුවරට පෙම් බඳින..
සඳ රෑන හුදකලාවී පිපෙන..
සුපෙම්වත් බිනර මල..
නොනිදාම රැය පහන් කරන්නීය..

අගේ තනි නොතනියට..
තරුත් නෑ දිලිසෙමින්..
අහස්කුස ගිනි නිවී..
සඳත් නෑ කළු ගැසී..

බිනර සඳ ඔබ එන්න..
නුදුරු දින හමුවන්න..
නුඹ නැතිව පාළු බව..
මේ හිතට නොදැනෙන්න..

මේ.. ආදරණීය බිනර මලී..

ඔව් බිනර මලී මටත් ඔය නැතුව මේ වගේම පාලුයි...
තවත් සතියක් තියෙනවා අපි හමුවන්න..
එත් උදේට උදේට විනාඩි 5 ක් මූණ බලල කතා කරලා හිනා වෙන්න ලැබෙන එකත් වාසනාවක් නොදැකම ඉන්නවට වඩා..
ලබන
සතියෙන් පස්සේ වෙනදා වගේම මුළු දවසම හිනා වෙවී ඉමු නේද???
ආදරෙන්.. මගේ සුදු නංගියා...

බුදුසරණයි.. බිනරි...
අම්මයි තාත්තයි තරමටම නැති උනත් ඒට ටිකාක් අඩුවෙන්න තරමටම මම ආදරෙයි මගේ පොඩි මිතුරි ඔයාට...

4 comments:

  1. පිස්සු කේස් එක ඒකත් දාලා බ්ලොග් එකේ ඉන්නවකෝ මමත් ලියනවා ඔයා මට ලියපු ලියුම.....

    ReplyDelete
    Replies
    1. hiks ඉතින්..
      ලියා ගන්න ඉතින්... අපිට මොකෝ.. මේක මගේ බිනරි ලියලා දුන්න නිසා.. හිතට වැදුන නිසා මම දැම්මේ..

      Delete
  2. දෙන්නටම සුභ අනාගතයක් පතනවා බොක්කෙන්ම මම :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩ්ඩෝ...
      මේ බ්ලොග් එක පටන් ගන්න ඔයත් පුරෝගාමියෙක්..
      :)

      Delete